2023 ඔක්තෝම්බර් මස 16 වන දින මුන් ගමුව දම් සෙන් මධ්‍ය මහා විද්‍යාලය 10 සහ 11 ශේණි සිසුන් සඳහා ඉංග්‍රීසි මධ්‍යස්ථානයක් පවත්වනු ලැබේ. අප පාසලේ දරු දැරියන් වන අප පාසලට ආසන්න පාසලක් පොරමඩල මහා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිවල දැරියන් ද ඉංග්‍රීසි ගුරු භවතුන් දෙදෙනෙක්ද වැඩසටහන සඳහා සහභාගී විය.
ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂ තුමිය වන ඒ. ඒ. එස්.පී. ප්‍රියදර්ශනී මිය විශේෂිත ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර මෙම කටයුතු 8 ට ආරම්භ විය. ජාතික ගීය ගායනා කර පොල්තෙල් පහන දල්වා විදුහල්පතිතුමාගේ කතාවෙන් පසුව සියලුම දරු දැරියන් නිවාස හතරකට බෙදාහැරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කරන ලදී.
මේ සඳහා අප අපගේ ඉංග්‍රීසි ගුරු භවතුන් තිදෙනාද ක්‍රියාකාරකම් පාසලේ දරු දැරියන්ගේ දායකත්වය ලබා දුන් අතර, දැරියන් ඉතා උද්‍යෝගයෙන් ක්‍රියාකාරකම් සඳහා නිරත විය.
ප.ව. 1.30 ට පමණ ක්‍රියාකාරකම් අවසන් කර වැඩසටහන් අවසානය සනිටුහන් කරමින් පාසල් දෙකේම දරු දැරියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රතිචාරය විමසීමෙන් අනතුරුව විදුහල්පති තුමාගේ හා අධ්‍යක්ෂක තුමියගේ කතාවන් පැවැත්විණි. එහිදී එතුමිය විසින් මෙම ඉංග්‍රීසි කඳවුර ඉතා අගය කිරීමට ලක් කරන ලදී.






