පාසලේ ඉතිහාසය

ground.png
library.png
previous arrow
next arrow

දම්සෙන් අතීතය මෙසේ විය...............

 

දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය 1934 දක්වා ඈතට දිවෙයි. මෙය කන්නන්ගර මහතාගේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය. එතුමාගේ සංකල්පයක් වූයේ නඩත්තු පාසල් ක්‍රමයයි. ගම්මුන් විසින් ශ්‍රමයෙන් පාසල් ඉදිකොට අවශ්‍යතා මුලික පහසුකම් ලබා දෙන්නේ නම් රජය විසින් ගුරුවරුන් දිම හෝ යොදා ගෙන ඇති ගුරුවරුන්ට වැටුප් ලබාදිමට හැකියාව ඇති බව එතුමා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය පිටිසර පාසල් ආරම්භ වීමට හේතු විය. එතුමාගේ වචනය වහා කන වැටුණු නුංගමුව විද්‍යාලය අවට සිටි අධ්‍යාපන පිපාසෙන් පෙලුණු කීප පොලක් එක්තරා සවස් යාමයක වෑවනාගල විහාරස්ථානයේ වැඩ විසු ගෞරවාර්ථ සීලානන්ද හිමිපාණන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතිඵලදායක වූයේය.නුංගමුව මැදවත්ත භූමි භාගයේ අතීතය අඩසිය වසරකටත් දිගු ඉතිහාසයකට ගමන් කිරීම නිසා මෙහි අන්තර්ගත තොරතුරු කාලයාගේ වැලිතලාවෙන් වැසී ගොස් තිබේ දැයි යන සැකයද නැත්තේ නොවේ. ආරම්භක ගිහි පැවදි උතුමන්ලාගේ වත ගොත් මෙහිලා සඳහන් නෙවන්නේ නම් ඒ අකෘතඥතාවයන් නිසා නොවේ. තොරතුරු ලබා ගැනිමේ දුෂ්කරතාවය නිසාය. ආරම්භක ඒ මහා වීරයන්  කෘතඥපූර්වකව අපි මෙහිදි සිහි කරමු. 1934 දි නුංගමුව මහා විද්‍යාල කළමණාකරු එම්.එච්.රංහාමි මහතාගෙන් ආරම්භ දැනට අවුරුදු 89 ට සමිපවෙමින් පවතී. ඒ කාල වකවානුව තුළ මේ පින් බිම සශ්‍රීක කිරීමෙහිලා පුරෝගාමි වු බොහෝ විදුහල්පතිවරු අපට හමුවෙති.

එදා මෙදා තුර සේවය කල විදුහල්පතිවරුන්ගේ කැපවීම මත නුංගමුව පාසල් මාතාව මේ වන විට මෙසේ කිරුළු පැළද ඇත.

  • නුංගමුව විද්‍යාලය (මැදවත්ත 1934.08.24)
  • නුංගමුව විද්‍යාලය (දැනට පවතින ස්ථානය 1935.01.11)
  • නුංගමුව මහා විද්‍යාලය ( 1962.09.01)
  • නුංගමුව පර්ෂද මූලස්ථ මහා විදුහල ( 1987.09.12)
  • නුංගමුව පර්ෂද මූලස්ථ ආදර්ශ මහා විදුහල ( 1996.06.14)
  • නුංගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලය ( 2001.01.11)