ground.png
library.png
previous arrow
next arrow

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.P.T.පුෂ්පා රංජනී

නිදහස් අධ්‍යාපනයේ පියා වන C.W.W. කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය මහා විද්‍යාල ඉදි කිරීමේ සංකල්පය යටතේ, 1936 වර්ෂයේ බිහිවූ මධ්‍ය මහා විද්‍යාල අතරින් එකක් ලෙස නුංගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලය අපට හැඳින්විය හැකියි. පුරා වසර 82 ක පමණ කාලයක් වයඹ පළාතේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නුංගමුව නම් වූ මෙම ග්‍රාමය තුළ හා ඒ අවට ප්‍රදේශවල ජීවත්වන දරුවන්ගේ නැණ නුවණ දැල්වීමට අමිල මෙහෙයක් සිදු කරන පාසලකි. එම පාසල තුළ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් අධ්‍යයනය කටයුතුවල නිරත වන අතර උසස් පෙළ කලා හා වාණිජ අංශ දෙකක් සෑම වසරකම සිසුන් සරසවි වරම් ලබයි. විශ්වයම ජයගත් විද්‍යාර්ථයන් රැසක් බිහි කරමින් ගම් ප්‍රදේශයට පමණක් නොව රටටම වැඩදායි ගුණ නුවණින් යුතු දරුවන් බිහිකර නොනැවතී ඉදිරියටම තම මෙහෙය ඉටු කරන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක් ලෙස අභිමානයෙන් යුතුව ප්‍රකාශ කරමි.

Mrs. W.P.T.පුෂ්පා රංජනී
නියෝජ්‍ය විදුහල්පති
නුංගමුව දම්සෙන් ම.ම.වි.