දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය 1934 දක්වා ඈතට දිවෙයි. මෙය කන්නන්ගර මහතාගේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය. එතුමාගේ සංකල්පයක් වූයේ නඩත්තු පාසල් ක්‍රමයයි. ගම්මුන් විසින් ශ්‍රමයෙන් පාසල් ඉදිකොට අවශ්‍යතා මුලික පහසුකම් ලබා දෙන්නේ නම් රජය විසින් ගුරුවරුන් දිම හෝ යොදා ගෙන ඇති ගුරුවරුන්ට වැටුප් ලබාදිමට හැකියාව ඇති බව එතුමා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය පිටිසර පාසල් ආරම්භ වීමට හේතු විය






